නිවත්තකචේතිය ජාතික පාසල

නිවත්තකචේතිය විද්‍යාලීය පුරාණ ශිෂ්‍ය ක්‍රිකට් උළෙල - 2025

නව ශිෂ්‍ය නායක සංසදයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

background.jpg
background.jpg

මාසික විද්‍යාලීය රැස්වීම – කලා අංශය වෙතින් අද්විතීය සංදර්ශනයක්!

අනුරාධපුර නිවත්තකචේතිය විද්‍යාලයේ මාසික රැස්වීම මෙමවරයෙත් සිසුන්ගේ චතුරත්වය හා ප්‍රතිභා මනරම් ලෙස දැක්වූ සන්සුන් අවස්ථාවක් විය. විදුහල්පතිතුමාගේ තීරණයක් මත 9 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා සියලුම අංශවල සිසුන්ට එකම වේදිකාවක් සපයාදීම උදෙසා මෙය සංවිධානය කරන අතර, මෙම අවුරුද්දේ ප්‍රථම රැස්වීම සංවිධානය කළේ කලා අංශය විය.

රංගනා, ගායනා, නර්තනය – කලා දක්ශතාවයක ප්‍රයෝගික මනරම් නළරූපය!
මෙවර රැස්වීමේ විශේෂත්වය වූයේ නර්තන, නාට්‍ය හා ගායන වැඩසටහන්වලින් යුක්ත අර්ථවත් හා විනෝදදායක ක්‍රමයක් තුළ සිසුන්ට විනෝදය ලබාදීමයි. විශේෂයෙන් "මංජුල හේරත්" මහාචාර්ය තුමාද සිය ගායන ප්‍රතිභාව පෙන්වා දෙමින් ප්‍රේක්ෂකයින් ආන්දෝලනය කළ අවස්ථාව මෙහිදී සැළසුනාකි.

දරුවන්ගේ නිර්මාණශීලීත්වයට උදව්වක් ලෙස
මෙම මාසික රැස්වීම් මාලාව පාසල තුළ විවිධ අංශවල සිසුන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අගනා වේදිකාවක් බවට පත් වී ඇත. සිසුන්ගේ සහභාගිත්වය හා උනන්දුව දැක්විය යුතු පදනමක් වන මෙම අවස්ථා මගින් සන්සුන් පාසල් ජීවිතයක් උදෙසා විශේෂ පියවරක් ගත හැකි බවයි අපේ විශ්වාසය.

ඊළඟ මාසික රැස්වීමේදී තවත් අලුත් අංශයක් ඔබ හමුවට එයි!