Special Notice
නිවත්තකචේතිය විද්‍යාලීය පුරාණ ශිෂ්‍ය ක්‍රිකට් උළෙල - 2025
නව ශිෂ්‍ය නායක සංසදයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය
-
- Home
- අපේ පාසල ගැන
- අපගේ ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- පාසලේ ඉතිහාසය
89 වසරක ගමන් මග.......................................
- 1934 වර්ෂයේ මැයි මස පළමු වන දින අතිපූජ්‍ය බූස්සේ ධම්මරක්ඛිත නා හිමිපාණන්ගේ මුලිකත්වයෙන් උන් වහන්සේගේ පන්සල් වත්තේ අඩි අටක් පමණ දිගැති පොල් අතු මඩුවක දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන්ගේ දරුවන් හය දෙනෙකු ගේ සහභාගීත්වයෙන් රාමකැලේ පාසල ආරම්භ කරන ලදි. එය පසු කලෙක නිවත්තකචේතිය විද්‍යාලය බවට පත්විය.
- 1942 වන විට ගුරුමණ්ඩලය පස් දෙනෙකුගෙන් යුත්ත විමත් සමග ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සතුටුදායක විමත්, ක්‍රීඩා තරග වලින් ජයග්‍රහන ලැබිමත් සමගම පදවිය , වව්නියාව , ගෝමරන්කඩවල , කැකිරාව , මරදන්කඩවල , නාච්චියාදුව වැනි දුර බැහැර ප්‍රදේශවල සිට සිසු සිසුවියන් පාසල සොයා පැමිණියහ.
- 1936 වර්ෂයේ දි වලිසිංහ හරිස්චන්ද්‍ර පුස්තකාලය පාසලේ ස්ථාපිත කරන ලදි.
- සිසුන් සංඛ්‍යාව වැඩිවිමත් සමග 1954 දි විද්‍යාලය අද පවතින ස්ථානයේ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර එම මුල් ගොඩනැගිල්ලට ගෙවදිම සිදු කරන ලදි.
- 1956 වසරේදි විදුහලේ ගුරු නිවාසය ප්‍රථම විදුහල්පති අශෝක ජයරත්න මහතාගේ පෞද්ගලික වියදමින් ඉදි කළ අතර එතුමා එහි පදිංචි වන ලදි.
- 1961 වසරේ සිට රජයේ පාසලක් බවට පත් වු අතර 1965 වසරේදි නිවත්තකචේතිය විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්විය.
- 1957 දි ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙන් නව ගොඩනැගිල්ලක් ලැබිණි.
- 1966 දි ප්‍රාථමික අංශය දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවට ගෙන යන ලදි.
- 2003 වර්ෂයේ දී දුම්රිය දෙපාර්තමේන්තු විශ්‍රාම ශාලාවේ සිට 1 සහ 2 හ්‍රේණි වර්තමාන පාසල පවතින ස්ථානයේ ඉදි කළ නව ගොඩනැගිලි වෙත ගෙන ආ අතර 2004 වර්ෂයේ දී 3,4 සහ 5 ශ්‍රේණි ගෙන එන ලදී.
- නගරයේ පාසල්වල පවතින අධික තදබදය හා පාසල්වලට පවතින තරගකාරීත්වයට පිළියමක් ලෙස 2003 වර්ෂයේ දී ආදර්ශ ප්‍රාථමික පාසල් ලෙස අ/මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය හා අ/ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කෙරුණු අතර ඒ අනුව 2005 වර්ෂය වන විට නිවත්තකචේතිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සම්පූර්ණයෙන්ම ඉන් ඉවත් වී මහින්ද ආදර්ශ ප්‍රාථමිකය වෙත යොමු කරන ලදී. ඒ අනුව 2005 වර්ෂයේ සිට මෙම විද්‍යාලය 6 – 13 පන්ති ක්‍රියාත්මක වන ද්වීතියික පාසලක් බවට පත්විය.
- 2016 වසරේ සැප්තැම්බර් 13 වන දින විද්‍යාලයේ ශිෂ්‍යයකු , ශීෂ්‍ය නායකයකු , ප්‍රධාන ශිෂ්‍යනායකු, ගුරුවරයකු , නියෝජ්‍ය විදුහල්පතිවරයකු වශයෙන් කටයුතු කල කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වන වත්මන් විදුහල්පති එස්.එම්.කේ.බි. කුසුම් තිලක් මහතාගේ ආගමනය සිදු වු අතර ඒ සමගම ශීඝ්‍ර සංවර්ධනයක් ඉතා කෙටි කලක් තුලදි පාසලේ සිදු විය.
- දිනෙන් දින රජරට දුවා දරුවන්ගේ නැණ පහන් දල්වමින් විරාජමානව වැඡඹෙන නිවන්තකචේතිය මහා විද්‍යාලය 2020 වර්ෂයේ දී ජාතික පාසලක් බවට පත් වු අතර වර්තමානයේ දී එය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3550 ට සිප් සතර කියාදෙන 146 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් ද 10 දෙනෙකුගෙන් සමන්විත අනධ්‍යයන කාර්ය මණ්ඩලයකින් ද සමන්විතව, පිබිදෙන ලොව වෙත රන් දොරටු විවර කරන ලකඹර දීප්තිමත්ව බබලවන තාරකාවක් විලස ඓතිහාසික රජරට පුරවරයේ අභිමානවත්ව නැගී සිටියි.