නිවත්තකචේතිය ජාතික පාසල

නිවත්තකචේතිය විද්‍යාලීය පුරාණ ශිෂ්‍ය ක්‍රිකට් උළෙල - 2025

නව ශිෂ්‍ය නායක සංසදයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

background.jpg
background.jpg
බටහිර සංගීත කණ්ඩායම

බටහිර සංගීත කණ්ඩායම

සංගීතය යනු හදවතට ප්‍රකාශයක්, මනසට සන්සුන්වීමක්, ජීවිතයට ආලෝකයක් ලෙස හැඳින්විය හැක. නිවත්තකචේතිය විද්‍යාලීය බටහිර සංගීත කණ්ඩායම මේ හැඟීම්බර මාර්ගය ඔස්සේ අපගේ දරු දැරියන්ට සංගීතයේ නවතම අත්දැකීම්, හැකියාවන් හා ප්‍රවීණත්වය ලබාදීමට කැපවී ඇත.

මෙම සංගීත කණ්ඩායම සුනිමලි ආරියවංශ  මෙනවියගේ පාලනය හා මගපෙන්වීම යටතේ, දරුවන්ට වෘත්තීය මට්ටමේ සංගීත පුහුණුවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

අපේ බටහිර සංගීත කණ්ඩායම එක විශේෂත්වයක් වන්නේ, ‌‌බේස්, ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, ක්ලාරිනට්, සැක්සෆෝන්, ඩ්‍රම්ස් සහ විවිධ වාදන භාණ්ඩ එකට ඒකාබද්ධ කරමින් අනන්‍යත්වයකින් යුත් සන්සුන් හඩයක් ගෙන එන ආකෘතිය ය.
  • අපේ බටහිර සංගීත කණ්ඩායම පාසල නියෝජනය කරමින් විවිධ තරඟාවලි සහ උත්සව තුළදී විශිෂ්ට ප්‍රතිඵල ලැබූයේ, ශිෂ්‍ය දරු දැරියන්ගේ නව සංගීත කුසලතා, කැපවීම හා සාමූහිකත්වය හේතුවෙනි.
  •  සංගීතය පමණක් නොව – මෙය නියෝජනය, විනය, නායකත්වය, සහයෝගය හා ශිෂ්‍යත්වය වර්ධනය කරන අත්දැකීමකි.

අප පාසල නියෝජනය කරන අපේ සන්සුන් මියුරු සංගීතය, නැවත නැවතත් ඔබේ සිතිවිලි තුළට ගලා යනු ඇත...

එබැවින්, නිවත්තකචේතිය විද්‍යාලීය බටහිර සංගීත කණ්ඩායමට පේ‍්‍රමයෙන් සහය දක්වන්න!