නිවත්තකචේතිය ජාතික පාසල

Background2nd.jpeg
photo_6269017691142599865_y.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Read more
Read less

අනුරාධපුර නිවත්තකචේතිය මහ විදුහල අති පූජ්‍ය බුස්සේ ධම්මරක්ඛිත හිමිගේ මූලිකත්වයෙන් ඇරඹුණ බෞද්ධ පාසලකි. 1934 වර්ෂයේ ඇරඹුණ අප පාසල මේ වන විට දරුවන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන ඉතා ජනප්‍රිය ජාතික පාසලකි. මේ වන විට උතුරු මැද පළාතේ පමණක් නොව දිවයිනේ වෙනත් පළාත් වල දරුවන් ද මෙම පින්බර පාසලේ අධ්‍යාපනය ලබන අතර ඉගෙනීම පමණක් නොව විනය අංක 1 හි ලා සලකා මනා ශික්ෂණයක් සහිත දරුවන්ගෙන් පිලිබිඹු වූ පාසලකි. බොහෝමයක් දරුවන්ගේ මනස වියවුල් වූ යුගයක අප දරුවන් ආගමික වැඩසටහන් පමණක් නොව ක්‍රීඩාවට තැනක් දෙමින් අධ්‍යාපනය ඉහළින්ම සිදු කරයි. විද්‍යාලයේ මේ වන විට ඉතා අංගසම්පූර්ණ ගොඩනැඟිලි පමණක් නොව මනහර පරිසරයකින් නිමවී තිබෙන අතර දරුවන්ගේ සිත් සුවපත් වීමට මෙකී මනහර වටපිටාවද දායකව ඇත. මෙම පාසලේම අකුරු කර, මෙම පාසලේම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වී, උපගුරුවරයෙකු වී, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වී දැනට වසර 9ක් තිස්සේ විදුහල්පති භූමිකාව උසුලනු ලැබීම මා ලද භාග්‍යකි.

" ගුණයෙන් නැණයෙන් පිරිපුන් නව ලොව ජය ගත හැකි උත්තුංග පෞරුෂයකින් හෙබි දරුවකු බිහි කිරිම."

දැක්ම

සහ

මෙහෙවර

ජාතික පොදු අරමුණු හා අන්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ඉටු කර ගැනීම පිණිස අප මුතුන් මිත්තන් අපට උරුම කර දුන් ජාතික උරුමයන් හා හරයන් සුරකිමින් විෂයානුබද්ධ හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් ලැබෙන දැනුම ආකල්ප හා කුසලතා වලින් පිරි සියලු භේදයන්ගෙන් තොර සාමය හා සහජීවනය අගයන අභියෝග ජය ගැනීම අරමුණු කොටගත් ආත්ම විශ්වාසයෙන් අනාගත නායකත්වයට උර දිය හැකි විනය ගරුක දූ පුතුන් ජාතියට දායාද කිරීම.

නිවත්තකචේතිය විද්‍යාලීය පුරාණ ශිෂ්‍ය ක්‍රිකට් උළෙල - 2025

නව ශිෂ්‍ය නායක සංසදයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

නිවත්තකචේතිය ජාතික පාසල